Sri Lanka LIFE

හිත්මානයට ඇතුළුවු හැම දෙයක්ම..

English ඉගෙන ගන්න අයට Tips ටිකක්

Published by ShehanD under on 7:14 PM

English කියන්නෙ අද ඉතින් සන්නිවේදනය කරත්දි, ව්‍යාපාර කරත්දි, ඉගෙන ගනිත්දි, සංචාරය කරත්දි Internet පාවිච්චි කරත්දි ලෝකෙ තියෙන ප්‍රධානතම භාෂාව කියල අපි දන්නවනෙ.අපි මොන රටක ඉපදුනත් මව් භාෂාවට අමතරව වෙන භාෂාවක් දැන ගැනීම ජීවිතේ කවරදාක හරි මොකක් හරි වටිනාකමක් අපේ ජීවිතේට එකතු කරනව.අපේ රටේ නං English දැනුම කියන එක තමාගේ සමාජ මට්ටම පෙන්නන්නත් පිරිසක් පාවිච්චි කරනවනෙ. ඒක එක එක්කෙනාගෙ කැමැත්ත හා බුද්ධි මට්ටම අනුව තීරණය කිරීම ඔබට බාරයි. ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කර ගන්න මමත් භාවිතා කරන මට මේවගෙන් කිසියම් ප්‍රගතියක් තියෙන නිසා ඔබටත් වැඩ කරයි කියල හිතෙන Tips ටිකක් Share කර ගන්න අද හිතුන.මේ කියන දේවල් මම වගේම English ඉගෙන ගන්න ගේමක් ගහන ඔයාටත් වැදගත් වෙයි කියල හිතනව.හොඳ English දැනුමක් තියෙන අය මේකෙ තියෙන වැරදි හා අඩුපාඩු පෙන්නයි කියලත් මම හිතනව.

අපි සිංහල ඉගෙන ගත්ත වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්නව කියන්නෙත් Listening, Speaking, Reading, Writing හා ඉතාම වැදගත් දේ Thinking කියන දේවල් ටික වර්ධනය කර ගන්න එක කියල.  

මුලින්ම Basic ම දේවල් ටික හදා ගම්මු


මූලික දැනුම ගොඩක් අඩු නං හෝ වැඩේ මුල ඉඳන්ම හදා ගෙන යන එක හොඳයි කියල හිතෙනව නං හොඳම දේ තමයි English Lessons/English Grammar කියල Android/Apple ඇප් ස්ටෝර් වල Search කලාම එන Grammar Lessons තියෙන ඇප් එකක් හෝ කීපයක් අරගෙන ඒවගෙ තියෙන පාඩම් ටික බලා ගන්න එක.වඩාත්ම හොඳ Simple English වලින්ම English උගන්නන්න තියෙන ඇප් Download කර ගෙන බලන එක තමයි.මූලික දැනුම ගොඩක්ම අඩුයි නං සිංහලෙන් English උගන්නන App එකක උදව් මුලින් අර ගෙන ඉක්මනින් Simple English වලින් English උගන්නන App එකක තියෙන පාඩම් ටික බලා ගන්න එක තමයි මම අනුමත කරන්නෙ.මේවගෙ Nouns,Adverbs,Adjectives,Prepositions,Tenses,Active Voice Passive Voice,Conditionals,Reported Speech වගේ පාඩම් සරල ඉංග්‍රීසියෙන් පැහැදිලි කරල තියෙනව.මේව කට පාඩම් නොකලට එක පාඩමක් කීප සැරයක් හරි බලල අදහස ඔලුවට අදහස දා ගන්න එකයි වැදගත්..පස්සෙ භාවිතය තුලින් ගානට පොලිශ් වෙලා එනව.

https://play.google.com/store/apps/details?id=com.english.vivoapp.grammar.grammaren 

YouTube එකේ තියෙන English Lessons ටිකක් බලමු


ඔහොම පාඩම් ටික බලාගෙන යත්දි ඒ පාඩමට අදාල YouTube එකේ දාල තියෙන වීඩියෝ එකකුත් බලන්න. දැන් ගොඩක් සිම් වල YouTube Free දෙන පැකේජ් තියෙන නිසා English Lessons, English Grammar වගේ Search කලහම ලේසියෙන්ම හොඳට පැහැදිලි කරල කියල දෙන චැනල් හොයා ගෙන බලන්න පුලුවන්. උදාහරණයක් විදියට Present Continuous Tense එක ගැන ඉගෙන ගත්ත නං..ඒක ගැන තියෙන Video lessons 2-3 ක් බැලුවම හොඳටම වැඩේ තේරුම් යනව. English වලින්ම උගන්නන Videos පුලුවන් තරං බලන්න කියන එක තමයි මම නං අනුමත කරන්නෙ. ඒ වගේ තමන්ට ගැලපෙන Channel ටිකක් Subscribe කරල තියා ගත්තම අලුතෙන් දාන පාඩම් එහෙම ලේසියෙන්ම බලා ගන්න පුලුවන්.

YouTube එකේ Lessons දාන අයගෙන් ගනේෂ් කියන මේ ඉන්දියන් සර් හොඳයි, පැහැදිලිව English උච්චාරණය කරල ඉතාම සරලව කියල දෙනව.මූලික දැනුම ගන්න ඕනෙ කරන ගොඩක් පාඩම් චැනල් එකේ තියෙනව,බලන්න


Ronnie කියන මේ Canadian Teacher ත් හොඳයි..මා‍ර ෆන් එකේ තමා උගන්නන්නෙ.හැමදෙයක්ම විහිලුවෙන් මතක හිටින්න කියල දෙනව.


 Alisha කියල ගෑනු ලමයෙක් උගන්වන මේ Channel එකත් හොඳයි.Videos ගොඩක් තියෙනව එයාගෙත්.Basic දේවල් හැම දෙයක්ම වගේ කියල දෙනව.



මේ ටික කර ගෙන යත්දි ඉංග්‍රීසි භාශාවෙ මූලික සැකැස්ම ගැන සාමාන්‍ය අවබෝධයක් එනව. ඒ වගේම එදිනෙදා ජීවිතයෙදි අපි කරන කියන දේවල්.සරල ඉංග්‍රීසියෙන් කියන්නෙ කරන්නෙ කොහොමද කියන එක ගැන සාමාන්‍ය අවබෝධයකුත් එනව..උදා:- මම වැඩට යනව,හෙට මම නිවාඩු..මම කඩේට යනව, වගේ දේවල්. ඔබට වැඩේ ටිකක් හොඳට අහු වෙලා නං ''මම හොඳට ඉගෙන ගත්ත නං අද මෙහෙම වෙන්නෙ නෑනෙ'' වගේ අදහසක් එන Conditional වගේ දේවල් උනත් පාවිච්චි කරල වාක්‍යයක් ගොඩ නගා ගන්න පුලුවන් වෙනව. සමහර වෙලාවට 100% ම වාක්‍යය නිවැරදිව ගලප ගන්න බැරි උනත් දල වශයෙන් අදහස හරි ගන්න පුලුවන් වෙනව.වැදගත්ම දේ තමයි සිංහලෙන් හිතල English වලට හරවන්න යන එකට වඩා වැරදි වැරදි හරි English වලින්ම හිතල ඒ අදහස ගන්න උත්සාහ කරන එක.

ටික ටික English වලින් හිතන්න පුරුදු වෙමු  

මේ විදියට අත්‍යාවශ්‍ය Basic ටික හදා ගත්තම කරන්න හොඳම දේ තමයි Grammar ගැන වැඩිය හිතන්න යන්නෙ නැතුව, තමන්ට හිතට එන දේවල් English වලින් හිතන්න ගන්න එක.පාරෙ යන කොට දකින දෙයක් ගැන හරි,වැඩ කරන තැනක හෝ ගෙදර තමන්ගෙ දින චරියාවෙ දෙයක් ගැන හරි අපි සිංහලෙන් හිතන දේවල් මනසින් English වලින් හිතන්න පුරුදු වෙන එක.මෙහෙම English Thinking පුහුණු කරන එකෙන් තමයි අපි දෙයක් English වලින් කියන්න ඕනෙ උනාම ඒක සිංහලෙන් හිතල වචනෙන් වචනෙ English වලට පරිවර්ථනය කරන්න යන වැරදි පුරුද්ද නවත්ත ගන්නෙ.හිතට එන අදහස ක්ශණිකව English වලින් කියන්න පුරුදු වෙන්නෙ.

දැන් ටික ටික එදිනෙදා දේවල් ගැන Simple English වලින් හිතන හින්ද ඔබට පුලුවන් හොඳ English දැනුමක් තියෙන යාලුවෙක්ට පොඩ්ඩක් ඔබේ English ඉගෙනීමෙ අවශ්‍යතාවය කියල නැත්නං වැඩ කරන තැනක කෙනෙක් එක්ක එදිනෙදා දේවල් ගැන English වලින් පොඩි කයියක් දාන්න නැත්නං Whatsapp/FB Chat එකක් දාන්න.මෙහෙම කරත්දි ඔයා දන්න කියන දෙයක් ගැන කතා කරන නිසා දිනපතා ඔබේ English භාවිතය ඔබටත් නොදැනීම වර්ධනය වෙනව.අනික තමයි අනිත් පැත්තෙන් ඔබේ යාලුව Reply කරන විදියෙන් හෝ කතා කරන විදියෙන් ඔබ කලින් ඉගෙන ගත්තු Grammar වල කාල භේද, Spoken English වලදි ඒව පාවිච්චි වෙන විදිය වගේ දේවල් හා අලුත් වචන ටික ටික ඔලුවට යනව.මෙතනදි තව කරන්න පුලුවන් දෙයක් තමයි Credit Card, Sim Card,Insurance වගේ දේවල් ගැන ඔබට තියෙන ගැටලුවක් ඒ ආයතන වල Customer Service වලට කතා කරල English වලින් විස්තර අහන එක.මෙතනදි ඒ ආයතන වල සේවකයන්ට හිරිහැරයක් නොවෙන්න එයාලගෙ Service එකක් ගැන සරලව අහල පොඩි සංවාදයක් දාන්න පුලුවන් .මූනට මූන කතා නොකරන නිසා කතාවට තියෙන බය අඩු කරල Confidence එකත් හදා ගන්නත් පුලුවන් මේ වැඩෙන්. 

දිනපතා English වලින් තියෙන ලිපියක් කියවන්න පුරුදු වෙමු

මේ ටික මෙහෙම කර ගෙන යත්දි දිනපතා පිටරටක හෝ ලංකාවෙ පලවෙන English Newspapers හෝ News Website වලින් එක ලිපිය ගානෙ වත් බලන්න පටන් ගන්න ඕන.මුලින්ම ලංකාවෙ පල වෙන English Newspaper එකක් අරගෙන හෝ Google කරල කියවන්න ගන්න.මොකද මේවගෙ යන්නෙ අපි දන්න අපේ රටේ දෙශපාලන හෝ සමාජීය දේවල් නිසා, මුලු ලිපියම නොතේරුනත් අපි දන්නව මේ ලියල තියෙන්නෙ අහවල් සිද්ධිය ගැන තමයි කියල.මේ පත්තර හැම එකකම වගේ ඇප් එක තියෙනව ඒකෙන් බලන්නත් පුලුවන් ඔන්නං.

මෙන්න ලංකාවෙ දිනපතා පලවෙන English Newspapers දෙක තුනක Link,ඔන්නං පත්තරයක් අරං බැලුවත් පාඩුවක් වෙන්නෙ නැති වෙයි.

Daily News
http://www.dailynews.lk/

Daily Mirror
http://www.dailymirror.lk/

The Guardian
https://www.theguardian.com/international

USA Today
https://www.usatoday.com/


මේ පත්තර බැලිල්ලෙන් Reported Speech ගැන, තව කෙනෙක් කියපු දෙයක් වෙන කෙනෙක්ට කියන්නෙ කොහොමද,අපරාධයක්, අනතුරක් ,සමාජයීය ගැටලුවක් ගැන වාර්තා කරන්නෙ කොහොමද,දේශපාලනය කරන කෙනෙක් වේදිකාවක කිව්ව දේ English වලින් ලියල තියෙන්නෙ කොහොමද වගේ දේවල් ගැන අවබෝධයක් එනව.අර Grammar Lessons වල ඉගෙන ගත්ත Tenses,Active Voice/Passive Voice වගේ දේවල් ගැන හොඳටම ඔලුවට යන්නෙ මෙහෙම දිනපතා English වලින් කියවන එකෙන්.


පොඩි පොතක් තියං අමාරු Vocabulary,Phrasal Verbs, Idioms ලියා ගමු

දැන් පොඩි Exercise පොතක් අරගෙන ඒක කොටස් 3 කට කඩා ගන්න.මේකෙ එක කොටසක තියා ගන්න එහෙම ලිපි බලත්දි හම්බු වෙන අමාරු වචන ලියා ගන්න. එහෙම අමාරු වචනයක් ආවම English to English Dictionary එකකින් බලල ඒකෙ තේරුම හා ඒ වචනය යෙදිල තිබිච්ච මුලු වාක්‍යයම දිනපතා ලියා ගන්න පුරුදු වෙන්න.සිංහලෙනුත් තේරුම ලියා ගන්න අපැහැදිලියි නං.වඩා වැදගත් වෙන්නෙ ඒ තනි වචනේ තේරුම කට පාඩං කරන එකට වඩා ඒ වචනය වාක්‍යයේ යෙදිල තිබුන විදිය,ඒ වචනේ වාක්‍යයක භාවිතා කරන්න පුලුවන් විදිය හා ඒ මුලු වාක්‍යයම ලියාගෙන තේරුම් ගන්න එක.. සම්පූර්ණ වාක්‍යය ලියා ගන්න අමාරු නං අඩු ගානෙ වාක්‍යයෙන් කොටසක් හරි ලියා ගන්න.මෙහෙම ලියන අතර ඒක කියල හෝ ලියල තියෙන කාලය (Tense) හා කලින් ඉගෙන ගත්තු Grammar Rules පාවිච්චි කරල තියෙන විදිය Active Voice/Passive Voice යොදාගෙන වාක්‍යය ලියල තියෙන විදිය අවබෝධ කර ගන්න උත්සහ කරන්න.Vocabulary එක හදා ගන්න හොඳම ක්‍රමේ විදියට මම නං දකින්නෙ මේ ක්‍රමය තමයි. උදාහරණයක් බලමු.

A group of residents living off Buthgamuwa Road, Welikada, Rajagiriya, are raising voices of dissent, against an Indian luxury apartment project

හරි මේකෙ සරල සිංහල තේරුම වෙන්නෙ ඉන්දියානු සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියකට විරුද්ධව බුත්ගමුව පාර,වැලිකඩ හා රාජගිරියේ ප්‍රදේශවාසීන් පිරිසක් විරුද්ධත්වය පල කරයි කියන එක.මේ වාක්‍යයේ හරිම වැදගත් තැනක් එනව..මේකෙ වචයෙන් වචනෙ ඔබ හිතින් පරිවර්ථනය කර ගන්න ගියොත් living හා off කියන වචන දෙකට වෙන වෙනම තේරුං දෙකක් එනව,හැබැයි රජෝ English වල තියෙනව Phrasal Verbs කියල වෙනම Grammar point එකක්.මේ වගේ Verb එකක් හා වෙනත් වචනයක් එකතු වෙලා හැදෙන Phrasal Verb එකක තියෙන්නෙ මේ වචන දෙක තනි තනිව ගත්තම එන තේරුමට වඩා හාත්පසින්ම වෙනස් තේරුමක්.ඉතින් මේකට කරන්න ඕනෙ මේ වගේ Phrasal Verb එකක් හෝ එහෙම සැක හිතෙන වචන දෙකක් ලැබුනම ඒක ඉක්මනට Google කරල බලල මේක Phrasal Verb එකක්ද කියල තහවුරු කරගෙන අර පොතේ දෙවෙනි කොටසෙ ඒ Phrasal Verb එකේ තේරුම හා භාවිතා වෙලා තිබ්බ විදිය එක්කම ලියා ගන්න එක.dissent කියන වචනේ තේරුම දන්නෙ නැත්නං අර කලින් කිව්ව වගේ English to English හා English - සිංහල Dictionary එකකින් බලල වචනේ තේරුම හා ඒ වචනේ යෙදිල තිබ්බ මුලු වාක්‍යයම අර පොතේ මුල් කොටසෙ ලියා ගන්න.පුලුවන් නං google කරල dissent කියන වචනේ යෙදිල තියෙන වෙනත් උදාහරණ වාක්‍ය දෙකකුත් යටින් ලියා ගන්න.

මෙන්න තියෙනව නෙට් එකෙන් උස්සපු Phrasal Verbs ටිකක්,තව ගොඩක් තියෙනව,හොයල බලල ඉගෙන ගන්න.

Phrases,Phrasal Verbs වගේම ඉතා වැදගත් දෙ‍යක් තමයි Idioms සහ Slang කියන්නෙ, කොටස් තුනක් වෙන් කර ගත්ත පොතේ තුන් වෙනි කොටස ගන්නෙ ඒවට.බලමු ඒක මොකක්ද කියල,අපි සිංහල වලදි පාවිච්චි කරන ප්‍රස්ථා පිරුලු හා කියමන් තියෙන්නෙ,ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ,කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව වගේ කියල..ඒ වගේ English වලත් ලස්සන කියමන් තියෙනව මේව තමයි, Idioms කියන්නෙ.මේකත් අර Phrasal Verbs වගේම තමා වචනෙන් වචනේ අරන් වෙන වෙනම තේරුං ගන්න බෑ.උදාහරණෙකට ''This cricket match will be a piece of cake'' කියන වාක්‍යයේ ''piece of cake'' කියන එකේ තේරුම කේක් කෑල්ලක් කියන එක නෙවෙයි.ඒකෙ තේරුම ඉතාම පහසු දෙයක්,ඉතා පහසු වැඩක් කියන එකයි.මේ වගේ Idioms ලිපි කියවත්දි ඕනි තරං හම්බුවෙනව.ඒව Google කරල බලල තේරුමත් හොයා ගෙන අර පොතේ තුන් වෙනි කොටසෙ ලියා ගන්න.Slang කියන්නෙත් ඒ වගේ භාශාව කාලයක් තිස්සෙ භාවිතා වෙත්දි විශේෂ‍යෙන්ම Spoken English වලදි හදා ගත්තු අවිධිමත් කෙටි යෙදුම්..ටිකක් කපටි ඩයල් එකකට එහෙම අපි කියන්නෙ 'ඕක නං මහ ගල් ආඳා' කියල.අන්න ඒ වගේ තමයි.

මෙතනත් තියෙනව උස්සපු Idioms ටිකක්,තව හොයල බලන්න Google කරල,සමහර වෙලාවට UK වලට විතරක් ආවේනික හෝ US වලට ආවේනික Idioms තියෙනව


මේ තියෙන්නෙ කතාවෙදි වචන කෙටි කරල හදා ගත්තු Slang ටිකක්,Film වල එහෙම මේ වචන සෑහෙන්න පාවිච්චි වෙනව.කතාවෙදි මිසක් විධිමත් දෙයක් ලියත්දි නං මේව වැඩිය පාවිච්චි කරන්නෙ නෑ.


 English News බලන්න Radio අහන්න පුරුදු වෙමු


දැන් ඔය ටික ඔහොම කර ගෙන එත්දි සැලකිය යුතු භාශා අවබෝධයක් තියෙන නිසා English News අහන්න පටන් ගන්න එක හොඳයි.මුලින්ම ලංකාවෙ Tv/Radio වල English News අහන්න ගන්න.මොකද අපේ අය English pronounce කරන විදිය අපිට තේරුං ගන්න හරිම ලේසියි හා පැහැදිලියි. ඊට පස්සෙ UK,US වල යන English News Youtube එකෙන් බලන්න.නැත්නං Radio app එකක් දාගෙන අහන්නත් පුලුවන්.ඒ රටවල උනත් TV/Radio වල ඉන්නෙ හොඳින් පැහැදිලිව උච්චාරණය කරන නිවේදකයො හින්ද තේරුං ගන්න ලේසියි.TED Talks වගේ ඒවත් හොඳයි.පැහැදිලිව English කතා කරනව

මේ තියෙන්නෙ අපේ රටේ English වලින් කරන සංවාදයක්.



 මේකත් ඒ වගේම එකක්,වචන උච්චාරනය කරන විදිය තේරුම් ගන්න ලේසියි 


මේක UK වල Live News යන චැනල් එකක්,UK අයගෙ English Accent එක ගැන අවබෝධයක් ගන්න පුලුවන් මේකෙන්


මේක Russian Channel එකක් උනාට ගොඩක් වෙලාවට US අය එක්ක කතා කරන වැඩසටහන් යනව,එයාලගෙ භාශා විලාශය බලා ගන්න පුලුවන් මේකෙන්.මේකත් පැය 24 ම Live යනව.


සියාතික අය English කතා කරන වැඩසටහන්.ඒ නිසා මුලදි Native English අය කතා කරන ඒව අපැහැදිලියි නං මේ වගේ චැනල් එකක යන English වැඩසටහන් ටිකක් බලන්න පුලුවන්.


English Subtitle දාගෙන Films,TV Series බලමු

CNA කියන මේ Singapore Channel එකේ ගොඩක් වෙලාවට යන්නෙ ආඔය ටික කර ගෙන යත්දි English Tv Series හා Films , English Subtitles දා ගෙන බලන්න පටන් ගන්න.USA,UK,Australia,New Zealand රට වල English කතා කරන Accent එක හා භාශා රටාවන් රටින් රටට විතරක් නෙවෙයි පලාතෙන් පලාතටත් වෙනස් නිසා හා එයාල කතා කරන වේගෙ නිසා අපිට ඒව අහල තේරුං ගන්න නං සැලකිය යුතු කාලයක් ඒවට නිරාවරණය වෙලා අහන්න වෙනව.අනික News කියනව වගේ නෙවෙයි Films වල ස්වභාවික සිදුවීම් වල විදියට English කතා කරන නිසා අමුතු අමුතු Accent පාවිච්චි වෙනව.USA වලට සාපේක්ශව England වල සමහර ප්‍රාන්ත වල, Scotland,Ireland රට වල අය එහෙම English කතා කරත්දි ඒ Accent තේරුම් ගන්න සමහර වෙලාවට ටිකක් අපහසු වෙනව.කාලයක් මෙහෙම Films බලත්දි එයාල වචන උච්චාරණය කරන විදිය ඇහුන් කන් දෙන ගමන් English Subtitle එක කියවන එකෙන් Pronunciation,Spellings හා Grammar තුනම දියුණු වෙනව.එතනදිත් හම්බු වෙන අමාරු වචන,Phrasal Verbs හා Idioms තියෙන මුලු වාක්‍යයම ලියා ගෙන ඒක යෙදිල තියෙන විදිය හා ඒවයෙ තේරුම English වලින්ම ලියා ගන්න. ඒක කතා කරන Tense එකත් අවබෝධ කර ගන්න.මෙහෙම ලියා ගන්න එකෙන් Tenses,Has been/Have been භාවිතය,Model Verbs,Prepositions වගේ දේවල් කතාවේදී භාවිතා වෙන විදිය වගේ දේවල් නිරායාසයෙන්ම ඔලුවට එනව.

 English TV Talk Show බලල ඉගෙන ගමු

මේ තියෙන්නෙ Jimmy Kimmel Live කියන ප්‍රසිද්ධ American TV Show එක, මෙයාල ප්‍රසිද්ධ ගායකයො,නලු නිලියො ගෙනත් එදිනෙදා දේවල් කතා බහ කරනව.පාරෙ යන අයට පොඩි පොඩි බයිට් දෙනව. Natural English කතා කරන විදිය මේකෙන් බලා ගන්න පුලුවන්.



The Ellen Show කියන්නෙත් American English ඉගෙන ගන්න බලන්න තව හොඳ වැඩසටහනක්,මිනිස්සුව පුදුම කරන දේවල්,Fun දේවල් එහෙම කරනව.මේ තියෙන්නෙ Ellen Show බලල English ඉගෙන ගත්තු ලමයෙක්ව ඒ වැඩසටහනට ගෙන්නල පුදුම කරන අවස්තාවක්.


This Morning කියන මේ වැඩසටහන England වල TV program එකක්, එක එක ජයග්‍රහණ ගත්තු අය,අනතුරු වලට මූන දුන්න අය, එක එක ප්‍රශ්න වලට පැටලුන අය වගේ පිරිස් ගෙන්නල එයාලගෙ අත්දැකීම් කතා කරන වැඩසටහනක්.England වල English කතා කරන විදිය හා English Accent වල තියෙන වෙනස් කම් බලා ගන්න හොඳම වැඩසටහන මේක තමයි.


Radio අහන අයට Radio APP එකක් download කරල අහන්න පුලුවන්,නැතන්ං මේ link එකේ තියෙනව UK Radio Stations ටිකක් ඒව අහන්නත් පුලුවන්.

https://internetradiouk.com/ 


English Documentaries බලන්න පුරුදු වෙමු



කාලයක් මේ විදියට Tv shows, Subtitle එක්ක Films එහෙම බලත්දි කියන දේවල් ටික ටික අහල තේරුම් ගන්න පුලුවන් වෙනව.දැන් Vocabulary ත් තරමක් හදාගෙන Phrases,Idioms වගේ දේවලුත් ටික ටික දන්න නිසා History, Science, Technology,Travel,Health වගේ මේ හැම දේකටම අදාල English Youtube Documentary ෆෝන් එකෙන් දාගෙන හොඳට ඒවට කන් දෙන ගමන් බලන එක තමයි කරන්න හොඳම වැඩේ..වෙන වැඩක් කරන ගමන් උනත් කමක් නෑ.Handsfree දාගෙන ඇහෙන්න දුන්නම ඒ කතා කරන විශයට අදාල වචන ටිකක් අපේ මනසට යනව.Podcasts අහන්නත් පුලුවන්.හැම field එකකටම අදාල දේවල් පුලුවන් තරං අහන්න,බලන්න.ඒ හැම දේකින්ම ඒ විශයට අදාල Vocabulary එක වර්ධනය වෙනව.

DW Documentary කියන චැනල් එක ඉන්දුනීසියාඩේ ගංගා වලට ධනවත් සමාගම් වල Factory වලින් අපද්‍රව්‍ය බැහැර කරන එක ගැන ගිය English වාර්තාමය වැඩසටහනක් මේක.මෙයාලගෙ චැනල් එකේ තියෙනව තව මේ වගේ සමාජ ගැටලු ගැන English වලින් කල හොඳ වැඩසටහන්.මේ වගේ ඒව බලන්න.



Germany වගේ රටවල් වල නිශ්පාදනය කරන Cars,Machine වගේ දේවල් ලෝකෙ පුරා මුහුදු මගින් බෙදා හරින විශාල නැවක වෙන වැඩ ටික ගැන ගිය ලස්සන English Documentary එකක් මේක.



English Books,Novels හා Web Articles කියවමු



English novels කියවන්න ගන්න එකත් ඉතා වැදගත් .මුලදි ලොකු පොත් බර වැඩි නං පොඩි ලමයින්ට තියෙන English පොත් කියවල ටික ටික Vocabulary එක හදා ගන්න ගමන් Advanced පොත් කියවන්න පුලුවන්.මොකද කතාවක සිදුවීමි ගොඩ නැගෙන විදිය,චරිත ගොඩ නැගෙන විදිය හා කතාවක් ගොඩ නැගෙන විදිය කියවල තේරුම් ගත්තම,පසු කාලීනව English Writing වලට ඒක ගොඩක් උදව් වෙනව.මොනවම හරි නිතරම English වලින් කියවන්න පුරුදු වෙන්න. Quora වගේ වෙබ් සයිට් වල යන English Articles කියවන්න,Buzz feed වගේ සයිට් වල යන දේවලුත් කියවන්න.English Travel Vloggers ල youtube දාන videos බලන්න.එහෙම නැත්නං ඔබ කැමති වෙන Subject එකක් ගැන English වලින් තියෙන Video බලන්න නැත්නං Article කියවන්න.

PDF Drive කියන මේ website එක හොඳයි පොත් එහෙම නොමිලේ Download කරගෙන බලන්න.පොතක PDF එක download කරගෙන ඒක බලන ගමන් ඒකෙම Audiobook එක දාගෙන ඇහුව නං, වැඩේ ටිකක් කම්මැලි නැතුව කරන්න පුලුවන්.

https://www.pdfdrive.com/


English Writing පුරුදු වෙමු


මේ දේවල් ටික කර ගෙන යත්දි FB post වලට Youtube Video වලට Web Forum,Quora වලට English වලින් අනික් අය දාල තියෙන Posts/comment කියවල බලල එතනට ගැලපෙන Reply එකක් Comment එකක් දාන්න , FB එකේ market කරන Products/Services වල Page එකක් එක්ක chat කරල English Writing වලට ඕනෙ කරන basement එක දා ගන්න.පොඩි ඩයරියක් තියාගෙන දිනපතා ඒකෙ තමාගෙ දිනපතා කල දේවල් දන්න විදියට English වලින් ලියන්න ගන්න.එහෙම ලියත්දි කලින් ලියා ගත්තු පොත අරගෙන Vocabulary,Phrases ,Idioms හා Phrasal verbs ආදිය උදව්වට අරගෙන ටික ටික වාක්‍ය ගොඩ නගා ගන්න පුලුවන්.

මා දන්නා තරමින් ඉතා කුඩා කාලයේ පටන් Native English කතා කරන පිරිසක් ඇසුරේ English කතා කරමින් හැදුනෙ වැඩුනෙ නැත්නං අපිට පසු කාලීනව 100% UK/ US Accent වලින් කතා කරන්න බැහැ.ඒ Accent මවා ගෙන කතා කරන්න ගියත් ඒක ස්වාභාවික නැහැ.එහෙම කතා කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ.ශ්‍රී ලාංකිකයො English කතා කරන විධිය ලෝකෙ දෙවෙනි භාශාවක් විදියට English කතා කරන අනික් රටවල් එක්ක බැලුවම විදේශිකයෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන් පැහැදිලි මට්ටමක තියෙනව කියන එකයි මගේ මතය, අවශ්‍ය වන්නෙ නිවැරදි උච්චාරණය සහිතව නිවැරදි English භාවිතය පමණයි.

TED Talks කියන මේ චැනල් එකත් හොඳයි, මේකෙදි මොකක් හරි විශයක් ගැන දැනුමක් හෝ ජීවිත අත්දැකීමක් තියෙන කෙනෙක් තමන්ගෙ අත්දැකීම බෙදා ගන්නව පිරිසක් ඉදිරියෙ කතාවක් පවත්වල.ඉගෙන ගන්න පුලුවන් ගොඩක් දේවල්



ඔබට වඩා හොඳින් English කතා කරන්න ඕනෙ නං හැම විශයක් පිලිබඳවම English වලින් ඇහුම් කන් දෙන්න, English වලින් හිතන්න පුරුදු වෙන්න.වැරදි වැරදි හෝ English කතා කරන්න පටන් ගන්න.හොඳ English Writer කෙනෙක් වෙන්න ඕනෙ නං හැකිතාක් English Newspaper Articles ,Magazines හා Novels ආදිය කියවන්න. ඔබ අමාරු වචන ලියා ගත්තු පොත නිතරම පරිහරනය කරන්න .දන්න වචන කීපයෙන් හෝ මොනවම හෝ දෙයක් දිනපතා ලියන්න.මේ ටික කරගෙන යත්දි පැහැදිලි වෙනසක් ඉක්මනින්ම දකින්න තියේවි.

ඔබට ජය........

(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි elakiri.com)
ElaKiri.com



Apple Launches iTunes Store in Sri Lanka, Hong Kong, Singapore, Taiwan & Nine Additional Countries in Asia Today

Published by ShehanD under on 12:31 AM
HONG KONG—June 27, 2012—Apple® today announced the launch of the iTunes Store® in Hong Kong, Singapore, Taiwan and nine additional countries in Asia featuring an incredible selection of local and international music from all the major labels and thousands of independent labels. The iTunes Store features local artists including Jay Chou, Girls Generation and Andy Lau, international artists including ADELE, The Beatles and Jason Mraz, and world-renowned classical musicians including Lang Lang, Yo Yo Ma and Yuja Wang. Customers can choose from over 20 million songs available to purchase and download on the iTunes Store.

Apple is bringing the iTunes Store to music fans in Brunei, Cambodia, Laos, Macau, Malaysia, Philippines, Thailand, Sri Lanka and Vietnam. Customers can also rent or purchase movies from the iTunes Store, with many available in stunning HD, from major studios including 20th Century Fox, Paramount Pictures, Sony Pictures Home Entertainment, The Walt Disney Studios and Warner Bros. Pictures. The iTunes Store joins the revolutionary App Store™ which offers more than 650,000 apps to consumers in 155 countries.

The iTunes Store is the best way for iPhone®, iPad®, iPod®, Mac® and PC users to legally discover, purchase and download music online. All music on the iTunes Store comes in iTunes Plus®, Apple’s DRM-free format with high-quality 256 kbps AAC encoding for audio virtually indistinguishable from the original recordings.

iTunes® in the Cloud lets you download your previously purchased iTunes music to all your iOS devices at no additional cost, and new music purchases can be downloaded automatically to all your devices. In addition, music not purchased from the iTunes Store can gain the same benefits by using iTunes Match℠, a new service that stores your entire music library in iCloud® for access at any time, from any iOS device. iTunes Match is available for purchase in the new countries added today.
Source: www.apple.com/press release


The Internet in 2015

Published by ShehanD under on 7:14 PM


Glorious Images Of Apple’s New Spaceship Headquarters

Published by ShehanD under on 2:09 PM

Apple is building what is sure to be the coolest office building ever in Cuptertino, CA. The building is so important to the company that no less than Steve Jobs went to a Cupertino City Council meeting a couple months ago to seal the deal. They were eating out of his hand. All the rest is really a formality at this point. “There is no chance that we’re saying no,” Cupertino Mayor Gilbert Wong said after the meeting.

Today, Cupertino released more detailed plans about the project on the city’s website. Known as “Apple Campus 2″ to the city, the project will be built on a 175 acre area near the 280 highway. The total building will be approximately 2.8 million square feet, will feature a 1,000 seat auditorium (perfect for all but Apple’s biggest events), a fitness center, 300,000 square feet of research facilities, a power plant, and underground parking. But all of that sounds boring, what you really need to see is what it looks like: a giant, flying saucer-like loop. Luckily Cupertino included Apple’s proposal documents which include many new renderings of the project.

Cupertino says they still have to review the environmental impact of the project and have a few more public hearings before it’s actually approved. But yeah, again, there’s no way this isn’t getting done. Apple’s plan is to break ground next year and have the new headquarters done in 2015. It will house over 12,000 employees in one massive building.

Below find some new renderings and the full proposal embedded below that by way of 9to5 Mac.


















[Special Thanks goes to the original author: MG Siegler @parislemon San Francisco]











Gmail Motion! A new way to communicate..

Published by ShehanD under on 7:41 PM
The mouse and keyboard were invented before the Internet even existed. Since then, countless technological advancements have allowed for much more efficient human computer interaction. Why then do we continue to use outdated technology? Introducing Gmail Motion -- now you can control Gmail with your body.


How it works

Gmail Motion uses your computer's built-in webcam and Google's patented spatial tracking technology to detect your movements and translate them into meaningful characters and commands. Movements are designed to be simple and intuitive for people of all skill levels.

Gmail Motion - How it works














Motion Guide

Familiarize yourself with some of the basic functionality of Gmail Motion. You'll be able to start writing and responding to emails – with your body – in no time.

Gmail Motion - Motion Guide









Safety precautions

Using Gmail Motion is not only safe but also healthy and fun. As with any physical activity, certain precautions are recommended. First, make sure to clear the area around you. Second, try to take short breaks every 30-40 minutes, just as you would if you were typing. And finally, take time to stretch after each session to give the muscles you'll be using some relief.

Gmail Motion - Safety precautions

















Coming soon to Google Docs

This new motion detection technology doesn't stop with Gmail. We're excited to announce that Google Docs Motion will be coming later this year.

(More details visit: http://mail.google.com/mail/help/motion.html)

Gmail Motion - Coming soon to Google Docs



Google Wedding Planning

Published by ShehanD under on 5:31 PM
Google's latest invention is Google wedding planning.
Plan your big day with google wedding planning.



ගූගල් සමාගමේ නවතම හදුන්වාදීම තමයි Google Simplify wedding planning.

It can be done in 3 steps

1. Sharing
2. Planning
3. Memories

Sharing

මුලින්ම විවාහය පිලිබද දැනුම්දීම කරන්න ඕනෙනේ.....
මෙහිදී සිදුකරන්නේ ගූගල් සයිට් එකක් නිර්මාණය කිරීමට සමාන ක්‍රියාවලියක්.
මෙහිදී අපේ සහයට තවත් සමාගමක් එකතු වෙලා තියනවා. ඒ පික්නික් ඩොට් කොම්.
http://www.picnik.com/

පික්නික් ඩොට් කොම් කියන්නේ ඔන්ලයින් ෆොටෝ එඩිටිං සයිට් එකක්.

කලින් සදහන් කල පරිදි ගූගල් සයිට් එකක් නිර්මාණය කිරීමට සමාන ක්‍රියාවලියක් සිදුකලයුතු වෙනවා.
මේ සදහා විවාහ උත්සව සදහාම විශේෂිත වූ ටෙම්ප්ලේට්ස් හදුන්වා දීලා තියනවා.









ගූගල් සමාගමටම ආවේනික වූ යූසර් ‍ෆ්රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එක නිසා වැඩේ ගොඩක් පහසුයි.
Here you can create announcements, save the date cards and more.

Planning

2nd step is planning.

විවාහ උත්සවය සැලසුම් කරන්න අවශ්‍ය සියලුම මෙවලම් මෙහි අන්තර්ගතයි. ඒවා නම්

Wedding planner
Address book
Guest list
Budget planner
To-do list
Seating chart
Reception menu
Music list

මෙහිදී ඔබට ඔබගේ විවාහ මංගල උත්සවයට අදාල සියලු තොරතුරු අන්තර්ගත කල හැකියි.
ඒ වගේම අන්තර්ගත කල දත්ත වලට පිවිසීම ඕනෑම පරිඝණකයත් මගින් ස්මාර්ට් ෆෝන් එකක්
මගින් සිදු කරන්න පුලුවන්.




Memories

දැං තමයි ඉතිං වැදගත්ම කොටසට ආවේ. ඒ මතක සටහන්.
විවාහ මංගල උත්සවයකදී ඡායාරූප වලට වැඩි තැනක් හිමි වෙනවා.
මෙහිදීත් පිකාසා වෙබ් ඇල්බම්ස් මගින් ඔබේ විවාහ මංගල ඡායාරූප ඇල්බමය සකස් කර ගන්න පුලුවන්.
සහයට පික්නික් ඩොට් කොම් වෙබ් අඩවියත් තියනවානේ.



මෙතන්න් වැඩි විස්තර ලබාගන්න
http://www.google.com/weddings/index.html

(Originally posted & special thanks goes to by patiya@elakiri.com)


Honeycomb (Android 3.0)

Published by ShehanD under on 4:54 PM
Android ඒකේ අලුත්ම version එක,ඒ කියන්නේ Android 3.0 ගූගල් සමාගම විසින් නිකුත් කරලා..
Android OS එකේ හැම version එකකටම වෙනම නමක් තියනවනේ.මේක නම් කරල තියෙන්නෙ Honeycomb කියලයි..

මේක විශේෂයෙන් හදල තියෙන්නේ tablets සදහායි.. ඒ නිසා විශාල තිරයක වැඩකිරිමට සිදුවන නිසා multi-tasking capabilities එහෙම ගොඩාක් ඉහලයිලු..
මෙකේ අලුතින්ම එන features තමයි virtual and holographic user interface, refined multi-tasking, elegant notifications වගෙ එවා..ඒවා ඔක්කොම නව මුහුනුවරකින් තමයි මෙකේ තියෙන්නේ..

මෙකේ home screen එක 3D බව පෙන්වන ආකරයටයි සකස් වෙලා තියෙන්නේ...

මෙතනින් Android 3.0 Preview එකක් බලන්න පුලුවනි..







වැඩි විස්තර මේ link එකෙන් බලා ගන්න පුළුවන්..


 

Sri Lanka at a Glance..

Official name:Democratic Socialist Republic of Sri Lanka
Government type:republic
Location:Latitude 5° 55. to 9° 50. north, longitude 79° 42. to 81° 52., 650km north of the equator
Dimensions:430km north to south, 225km east to west
Coastline: 1,340km
Area:65,525km
Currency (code): Sri Lankan rupee (LKR)
Independence:4 February 1948
Administrative capital:Sri Jayewardenepura
Commercial capital:Colombo
Administrative divisions:9 provinces; Central, North Central, North Eastern, North Western, Sabaragamuwa, Southern, Uva, Western, Eastern Province.
Climate:Typically tropical, with a northeast monsoon (December to March) bringing unsettled weather to the north and east, and a southwest monsoon (June to October) bringing bad weather to the south and west
Terrain: Mostly low, flat to rolling plain; mountains in south-central interior
Highest mountain: Pidurutalagala, 2,524m
Highest waterfall: Bambarakanda, 263m
National FlowerThe Blue Water Lily (Nymphaea stellata).
National parks and nature reserves area:8,000sq.km
Population: 21,128,773 (? Census)
Population growth rate: 1.3%
Population Density:309 people per sq km
Life Expectancy at Birth74 female, 64 male
Literacy rate :Female 87.9 Male 92.5
Ethnic groups:Sinhalese 73.8%, Sri Lankan Moors 7.2%, Indian Tamil 4.6%, Sri Lankan Tamil 3.9%, other 0.5%, unspecified 10% (2001 census)
Languages:Sinhala (official and national language) 74%, Tamil (national language) 18%, other 8%
Note: English (a link language commonly) is used in government and spoken competently by about 10% of the population
Religion:Buddhist 69.1%, Muslim 7.6%, Hindu 7.1%, Christian 6.2%, unspecified 10% (2001 census)
Time zone:Sri Lanka Standard Time is five and a half hours ahead of GMT. (Allowance should be made for summer-time changes in Europe.)
International dialing: +94
Electricity:230 . 240 volts, 50 cycles AC. If you travel with a laptop computer bring a stabilizer
Economy: Sri Lanka.s most dynamic sectors are food processing, textiles and apparel, food and beverages, port construction, telecommunications, and insurance and banking. In 2006, plantation crops made up only 15% of exports (90% in 1970), while textiles and garments accounted for more than 60%. About 800,000 Sri Lankans work abroad, 90% of them in the Middle East. They send home more than US$1 billion a year.
Labour force34.3% of the labour population is employed in agriculture, 25.3% in industry and 40.4% in services: 40.4% (30 June 2006 est.) The unemployment rate is 5.7% (2007 est.)
Agriculture & productsRice, sugarcane, grains, pulses, oilseed, spices, tea, rubber, coconutsm milk, eggs, hides, beef, fish
Industries:Processing of rubber, tea, coconuts, tobacco and other agricultural commodities; telecommunications, insurance, banking; clothing, textiles; cement, petroleum refining.
Exports:Textiles and apparel; tea and spices; diamonds, emeralds, rubies; coconut products, rubber manufactures, fish
Imports: Main import commodities are textile fabrics, mineral products, petroleum, foodstuffs, machinery and transportation equipment: $10.61 billion f.o.b. (2007 est.). Percentage of main commodities from main import partners: India 19.6%, China 10.5%, Singapore 8.8%, Iran 5.7%, Malaysia 5.1%, Hong Kong 4.2%, Japan 4.1% (2006)
Gross Domestic Product (GDP):Purchasing power parity: $81.29 billion (2007 est.). Official exchange rate: $30.01 billion (2007 est.) Real growth rate: 6.3% (2007 est.) Per capita: $4,100 (2007 est.) composition by sector: Agriculture: 16.5% Industry: 26.9%
Gross National Product (GNP):Sri Lanka is placed in 76th place in GNP figures of the world.s nations with $22.8 billion (2005)
Flag description: yellow with two panels; the smaller hoist-side panel has two equal vertical bands of green (hoist side) and orange; the other panel is a large dark red rectangle with a yellow lion holding a sword, and there is a yellow bo leaf in each corner; the yellow field appears as a border around the entire flag and extends between the two panels

(Source:Sri Lanka Tourism)